01

478 36 2
                                    

හවස පහට විතර බීච් එක පැත්තට ඇදුනෙ යමහා R1 වර්ගයේ කලුපාට බයික් පහක්. සත්රූ එහෙමත් නැත්තන් පරිසර ඇමතිගෙ එකම පුතාගෙ විසිවෙනි උපන්දින සමරන්න වෙන් කරල තිබ්බෙ බීච් සයිඩ් එකේ දකුණු පත්ත. පාටි එකට වැඩි දෙනෙක් හිටියෙ නෑ. සත්රූ වගේම එයාගෙ යාලුවො හතර දෙනයි විතරයි. ඒකට හේතුව සත්රූ වැඩියෙන් ආශ්‍රය කරේ ළගින්ම හිටිය යාලුවො හතර එනෙක් විතරයි

අනුශ් සත්රූ කියන්නෙ සමාජෙට බම්බු ගහගන්න කියලා සාම්ප්‍රදායට පිටින් යන කොල්ලෙක්. පව්ලෙ එකම කොල්ලා වගේම අහංකාරම ඇග පුරාම. කාත් එක්කවත් කතාවට යන්නෙ නැති කෙනෙක් හිතුවක්කාර කෙනෙක්.

සිතුම් අශ්වින් , අම්මා ඩොක්ටර් කෙනෙක් තාත්තා රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්.

ජානුල් එනාශ් කියන්නෙ උප්පැන්නෙ නම වුනාට ආයු කියන නමින් තමා හැමෝම දන්නෙ. ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක එකම ලමය. ගතිගුණවලින්නන් ඇරපු අතක් නෑ සත්රූගෙ කපාපු පලුව

යෙනුජ අභිසෙස් නගරෙ ලොකුම ක්ලබ් එක තියෙන්නෙ යෙනුජගෙ පවුලෙ අයට. ඊට අමතරව රටේ තවත් ක්ලබ් කීපයක්න අයිති යෙනුජගෙ ෆැමිලි එකට.

හතරදෙනා ගැන කීවොත් එසේ මෙසේ හතරක්නන් නෙමේ. මේ හතරදෙනා ඉස්කෝලේ කැපී පෙනෙන චරිත හතරක්. ඉස්කෝලෙ බලේ තියෙන්නෙ මේ හතරදෙනා අතේ කීවොත් හරියටම හරි. මොකද ඉස්කෝලෙ HP , DHP , GC , DGC හතරදෙනා මේ අය තමා.HP සිතුම් , DHP සත්රූ , GC ආයු , DGC යෙනුජ. උසස්පෙළට හතරදෙනාම කරන්නෙ ආට් විෂයන්. Sinhala , Logic , Geography විෂයන් තුන. ඉස්කෝලෙ ස්පොට් ක්ලබ් හැම එකකම සාමාජිකයො. සත්රූගෙ මේන් ස්පොට් එක ක්‍රිකට් , සිතුම්ගෙ මේන් ස්පොට් එක ස්විමින් , ජානුල්ගෙ මේන් බැඩ්මින්ටන් , යෙනුජගෙ මේන් රගර්.

පාටිය ඉවර වෙනකොට හතරදෙනාගෙන් එක්කෙනෙක්ටවත් කෙලින් ඉන්න පණක් නෑ. බීච් එකෙ වැටුන වැටුන තැන්වල. මේත් එක්කම බීච් සයිඩ් එකේ දකුණු පැත්තෙන කෙලවටකට වෙන්න නැවැත්තුවේ කලුපාට කාර් දෙකක්. ඒකෙ ආවෙ වෙන කවුරුත් නෙමේ සත්රූට අනුව සෙනසුරු ප්‍රමුඛ නවග්‍රහයින්. නමින් ඉවේන් , නිම්ශිත් , යුහේන් , ආරෝන් , යොවිදු , අකිල ,අකලංක , සිතිජ , අනුජ මේ තමයි එනුකගෙ යාලුවො.

ආයු ( Non fiction )Where stories live. Discover now