10

96 10 0
                                    

ස්පෝර්ට් මීට් එකේ වැඩ ඔක්කොම ඉවර වුනාට පස්සෙ ආයමත් සාමාන්‍ය විදිහට ඉගෙනගන්න වැඩවලට කට්ටියම අවධානෙ දීලයි තිබ්බෙ. ටූනමන්ට් එකට මේ පාර යන්නෙ එයාලගෙම පන්තියේ කෙනෙක්. ඉතින් එයාට ප්‍රැක්ටිස් කරන්න ලේසි වෙන්න ටූනමන්ට් ගියෙ නැති වුනත් ආයු හැමදාම වගේ ප්‍රැක්ටිස් කරන්න ගියා. රගර් , බැඩ්මින්ටන් දෙකේම ප්‍රැක්ටිස් වැටිල තිබ්බෙ එකම දවසෙ හින්දා යෙනුජ ඒ දවසට ගියේ ආයුලගෙ ගෙදර. හතරදෙනාගෙ තාත්තලා යාලුවො හින්දා ලමයි හතරදෙනාගෙත් වැඩ තහනම් වෙන්නෙත් එකට. තාත්තා බයික් එක එක්සෑම් එක ඉවර වෙනකන් තහනම් කරල තිබ්බ හින්දා. මේ දවස්වලනන් හතරදෙනාට බයික් එකේ ඉස්කෝලෙ ගමන් හීනයක් වෙලා.

ඩිනර් අවුට් එකක්. ආයුගෙයි යෙනුජගෙයි තාත්තලා දෙන්නා අනිද්දා රට යන හින්දා අන්තිමට පාරට යාලුවො ටික එකතු වෙන්න ගත්ත ඩිනර් අවුට් එක. කොළඹ හතේ තියන හොදම රෙස්ටුරන්ට් එකට එකතු වුන කට්ටිය කෑම ඕඩර් කරලා ඉදගත්තෙ හැමෝටම ඉන්න පුළුවන් ටේබල් එකක. කෑම ගේනකන් තාත්තලා එයාලගෙ කතාවල , අම්මලා කෑම රෙසිපි ගැන කතා ඕව අහගන ඉන්න පුළුවන්ද තරුණ කොල්ලො හතරදෙනෙක්ට බෑනෙ. ඉතින් කට්ටිය ගියේ රෙස්ටුරන්ට් එකෙන් එලියට.

" ආයු මේ සැරේ ආට් ඩේ එකට මොකද කරන්නෙ "

යෙනුජ ඉදිරිපත් කරේ හොද ප්‍රශ්නයක්. කෙල්ලො ගැන කතා කරන්න කියලද... ආට් ඩේ එකේ හැම වැඩක්ම තියෙන්නෙ 12 සෙක්ෂන් එක අතේ. ඉස්කෝලෙ වෙලාවෙ මැඩම්ලා පිස්සුවෙන් වගේ ඉගන්නන හින්දා කොහෙ කතා කරන්නද...

" සත්රූ මොකෝ කියන්නෙ කෙල්ලෙක්ටවත් අදිනවද "

" ආයු මේ "

යෙනුජ නොකියා කීව දේ තේරුන ආයු බෝලෙ හිමීට සත්රූ පැත්තට පාස් කරලා දැම්මා. කියපු පමාවට මූණත් රතු කරගත්ත සත්රූ ඉක්මනටම උත්තර දුන්න.

" ඒ අර ඉවේන් අයියයි , යෙහානුයි නේද "

මෙච්චර වෙලා පොන්ඩ් එක ලග තිබ්බ බෙන්ච් එකේ ඉදගනෛන්න දෙන්නා දිහා බලාගන හිටිය සිතුම් ඒ දෙන්නව අදුනගත්ත ගමන් අනිත් අයටත් පෙන්නුවේ දැනගන්න ඕනෙ දෙන්නෙක් ඉන්න හින්දා. යෙහාන් ගැනනන් හැමෝම දන්නවනෙ එතකොට ඉවේන්.... අමුතුවෙන් කියන්න දෙයක් තිබ්බෙ නෑ ඉවේන් ආයු එක්ක කතා කරන විදිහෙන් ඕනෙම මෝඩයෙක්ට තේරුම් ගන්න පුළුවන්. හතරදෙනා ගියේ යෙහාන් , ඉවේන් දෙන්නා එක්ක කතා කරන්න.

ආයු ( Non fiction )Where stories live. Discover now