23

58 11 2
                                    

" ඔ...ඔයා "

පහුවදා උදේ පාන්දරම ආයු ගේට් එක අරිනකොට හිටියෙ වෙන කවුරුත් නෙමේ. යක්සාවේස වෙලා හිටිය ඉවේන්.

" ඔව් මම තමා. හැබැයි තනියම නෙමේ ආයු "

ඉවේන් එහෙම කියනවත් එක්කම කාර් එක ඇතුලෙ හිටියෙ තව තුන්දෙනෙක් එලියට ආව. වෙන කවුරුත් නෙමේ යෙහාන් , යොවිදු , රක්ෂිත තුන්දෙනා. මූනු ටිකනන් බලන්න ලස්සනයි. ආයු තාමත් හිටිය තැනම ගල් වෙලා.

" ඇතුලට එන්න එපාද ආයු "

" ආ. එ.. එන්න අයියෙ "

" ම්ම් "

" කෝ අනිත් අය "

" තාම නිදි "

" අහ් නිදිද " ඉවේන් එයා එක්ක ආව අනිත් තුන්දෙනාට කීවේ යන්න කියලා. යෙහාන්නන් කමන්නෑ ඇවිල්ලා තියනවනෙ ඒත් අනිත් දෙන්නා. යකෝ ගෙදරට ඇවිල්ලා පුරුදුකාරයො වගේ කෙලින්ම ගියේ අනිත් අය නිදාගන හිටිය කාමරවලට.  ' අදනන් බඩු බනිස් වගේ ' ආයුට හිතුනෙ එහෙම

" පොඩි මහත්තයා මෙතන ඉදගන්නකො මට දෙයක් අහන්න ඕනෙ "

" අයියෙ මම කිය... "

" ඉදගන ඉන්නවා එකම දේ දෙපාරක් කියන්න තියන්න එපා ආයු "

" ම්ම් "

" දැන් ඊයෙ තමුන් මොකටද ක්ලබ් ගියේ. "

" අයියෙ "

" මම කීවා නිදහසට කරුණු හොයාගන ඉන්න කියලා "

" අයියෙ ඊයෙ තාත්තා කෝල් කරා "

" කොයි වෙලාවෙද "

" මම ඉස්කෝලෙ යන්න කලින් "

" ම්ම්. ඉතින් ඒකද ඊයෙ දවසම මූඩ් ගහල හිටියෙ"

" ම්ම්"

" මොනවද කීවෙ " එතනින් එහාට ඊයෙ වුන හැමදේම අකුරක් නෑරම ආයුට කීවා

" ඉතින් බූරු පැටියො තාත්තා කෝල් කරලා කීව ඒව මට කියන්න ඔය හූණු බෙට්ටක් වගේ තියන මොලේට තේරුන්නැද්ද "

" අනේ ඉතින් "

" මේ ඔය බූරු පැටියට දෙන අන්තිම චාන්ස් එක. ඒක ඔය මොල ගෙඩියට දාගන්නවා "

ඒක කීවා විතරයි අර  වයින් කෙරුව බෝනික්කෙක් වගේ ඔලුව වනන්න පටන් ගත්තා. ආයුට පුදුම හැකියාවක් තියෙන්නෙ අහින්සක මූණ පෙන්නලා ඉවේන්ගෙ හිත වෙනස් කරන්න. එතන ඒ විදිහට සාමකාමී වෙනක්ට සත්රූගෙ රූම් එකේ තිබ්බෙනන් වෙනම යුද්දයක්

ආයු ( Non fiction )Where stories live. Discover now